ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට අතුරු තහනම් නියෝගයක්.
Sri Lanka
By Wayomi
අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම සහ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම වළක්වාලමින්.
මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත්තේ, හිටපු නිතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
ඒ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |