අන්තරේ අරගලයට පොලිසිය දැල්වූ රතු එළිය. (VIDEO)

Sri Lanka Police Sri Lanka SL Protest
By Wayomi Mar 07, 2023 08:57 AM GMT
Report

අන්තරේ අද (07) පැවැත්වීමට නියමිත අරගලය වළක්වාලමින් අධිකරණය නිකුත් කළ නියෝගය පොලිසිය විසින් අරගලකරුවන් ඉදිරියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සිදුකරන විරෝධතාවට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ මරදාන පොලිසිය සිදුකළ කරුණු දැක්වීම් අනුවයි.

ඒ අනුව, මහ ජනතාව භාවිතකරන රෝහල් සහ ඒ අවට ප්‍රදේශ, පුංචි බොරැල්ලේ සිට කුලරත්න මාවත, ඩීන්ස් පාර, ටෙක්නිකල් මංසන්ධියේ සිට සංඝරාජ මාවත දක්වා සහ පෙළපාලියක් ලෙස ගමන්කිරීම තහනම් වන අතර ටී.බී.ජයා මාවත, ආර්නෝල්ඩ් රත්නායක මාවත, ඕල්කට් මාවත, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ සංකීර්ණය පිහිටි මාර්ග වෙත එළෙස ප්‍රවේශවීම ද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW