ඉන්ධන පෝලිමේ අදත් අවාසනාවන්ත ලෙස සිදු වූ මරණය

Kandy Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sithumi Jul 31, 2022 03:30 PM GMT
Report

දින 4ක් ගම්පොළ නගරයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ, ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කරමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් බවය.

සිව්දරු පියෙක් වන ඔහුගේ මරණයට හේතුව හදිසියේ හටගත් හෘදයාබාධයක් බවට අනාවරණය වී තිබේ. එම පුද්ගලයා අසනීප වීම සම්බන්ධයෙන් අදහස් දැක්වු පුද්ගලයෙක්,

"එයා හදිසියේ මට කතා කරලා කිව්වා මල්ලි පොඩ්ඩක් මගේ ලොරිය බලාගන්න කියලා. මම ෂෙඩ් එක ළඟට ගිහින් මොනවා හරි කාලා එන්නම් කියලා ගියා. එයාගේ යතුරත් මගේ ළඟ. පස්සේ දැනගත්තා කලන්තේ දාලා වැටිලා රෝහල්ගත කරා කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now