ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 07, 2022 03:29 AM GMT
Report

මොරටුව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු පයාගල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටිය දී හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

හෘදයාබාධය ඇති වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව යි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ. රෝහල් ආරංචි මාර්ග මේ බව වාර්තා කළා.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පෝලිම් මරණ දිනෙන් දින වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ බොහෝ මරණ සිදු වී තිබුණේ හදිසි හෘදයාබාධ හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now