ප්‍රතිකාර නොමැති තවත් භයානක වෛරසයක් හමුවෙයි..! රෝග ලක්ෂණ මෙන්න - ලෝක ප්‍රජාවටම දැඩි අනතුරු ඇගවීමක්..

World Health Organization Virus
By Sewvandhi Jul 18, 2022 04:14 PM GMT
Report

ඉබෝලා ඇති කරන වෛරසය හා සමාන බෝවන රෝගයක් වන Marburg වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනෙකු බටහිර අප්‍රිකාවේ පිහිටි ඝානාවෙන් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

දකුණු ශාන්ති කලාපයේ රෝහලකදී මොවුන් දෙදෙනා මිය ගොස් ඇති අතර සෙනගල්හි රසායනාගාරයක් මගින් Marburg වෛරසය සෑදීමෙන් මොවුන් මියගිය බව තහවුරු කර තිබෙනවා.

බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබෙන්නේ පුද්ගලයන් 98 දෙනෙකු මේ වන විට සිටින බවත් නිරෝධායනයට යොමු කර ඇති බවයි Marburg වෛරසය සඳහා තවමත් ප්‍රතිකාර නොමැති බවයි පැවසෙන්නේ නමුත් වෛද්‍යවරු පවසා තිබෙන්නේ ජලය පානය කිරීම සහ විශේෂිත රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම රෝගියාගේ පැවැත්මේ අවස්ථා වැඩි දියුණු කරන බවයි.

මෙම වෛරසය බොහෝ විට මාරාන්තික රෝගයක් වන අතර හිසරදය, උණ, මාංශ පේශි වේදනාව, වමනය ලේ සහ ලේ ගැලීම ඇතුළු රෝග ලක්ෂණ මතුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා සෞඛ්‍ය නිලධාරීන් මිනිසුන්ට අනතුරු අඟවන්නේ ආහාරයට ගැනීමට පෙර සියලුම මස් මාංශ හොඳින් පිස ගන්නා ලෙසයි අප්‍රිකාවේ, ඇන්ගෝලා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ උගන්ඩාව යන රටවල මීට පෙර මෙම වෛරසය සෑදුණු රෝගීන් වරින් වර වාර්තා වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා .

1967 දී ජර්මනියේ මෙම වෛරසය සෑදීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 2005 දී ඇන්ගෝලාවේ 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now