හඳුනා නොගත් වෛරස් ප්‍රභේදයක් යළිත් චීනයෙන්..! ප්‍රාන්ත 13ක් වසා දැමේ..ලොවම යළිත් දැඩි අනතුරක..!
China
lockdown
vaccination
Covid19
omicron
By Sewvandhi
හඳුනා නොගත් ඕමික්‍රෝන් වෛරසයක් හඳුනාගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙම නව වෛරස ප්‍රභේදය ජර්මනිය, දකුණු කොරියාව, හොංකොං ඇතුළු ලොව රටවල් ගණනාවකින් ද හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
BA 2 වර්ගයේ ඔමික්‍රෝන් වයිරසයේ අනු ප්‍රභේදයක් ලෙස මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගෙන තිබෙන අතර, නව කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.
විශේෂයෙන් චීන සමාජය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බැවින් වෛරසය පැතිරීම වේගවත් විය හැකි බවත් එය පාලනය කිරීම ද අපහසු බවත් ඔවුන් පවසා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |