කාන්තා විරෝධි මත පළ කරන පුද්ගලයෙක්ට පීසා පෙට්ටියක් නිසා වැඩ වැරදෙයි..
කාන්තා විරෝධී මත පළ කරන සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු වන කික් බොක්සිං ක්‍රීඩකයෙකු වූ ඇන්ඩෲ ටේට් රුමේනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ලෝක ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් අතර ට්විටර් ඔස්සේ සිදු වූ වචන හුවමාරුවක් නිසා ය.
තමන්ට මෝටර් රථ 33ක් ඇති බවත් ඉන් කාබන් විශාල ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරින බවත් තන්බර්ග්ගේ නම සඳහන් කරමින් ඇන්ඩෲ ටේට් ට්විටර්හි පළ කර තිබූ සටහනක දක්වා තිබිණ.
එයට ග්‍රේටාගේ දැක්වූ ප්‍රතිචාරයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇන්ඩෲ ටේට් දුම්වැටියක් ද අත තබාගෙන සිටින ඡායාරූපයක් පළ කර තිබූ අතර එහි පීට්සා දවටනයක් ද විය.
ටේට් ව අත්අඩංගුවට ගැනිමට ඔහුව සිටින ස්ථානයක් හඳුනා ගැනීමට නොහැකිව සිටි පොලිසියට එම පීට්සා දවටනයේ වූ QR කේතය මගින් හඳුනාගෙන අත්අඩංගුවට ගත් අතර ටේට් ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ග්‍රේටා තන්බර්ග් සිය ට්විටර් සටහනක් තබමින් මෙසේ පැවසීය,
“ඔබේ පීට්සා පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් සිදුවන්නේ මෙවැනි දේවල්” යනුවෙන් ය.
“ලිංගික අපයෝජනයට ලක්වීම කෙරෙහි කාන්තාවන් වගකිව යුතු” යි යනුවෙන් පළ කළ අදහසකට එරෙහිව ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පසුගිය කාලය පුරා පළ විය.
යූටියුබ්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය රැසක් ඔහුට තහනම් කර තිබු නමුත් ට්විටර් සමාගම ඊලෝන් මස්ක් මිල දී ගැනීමෙන් පසු ඔහු ට්විටර් තහනම ඉවත් කරගෙන තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |