සුනඛ වර්ග 23ක් තහනම් කරමින් නියෝගයක්. - ලැයිස්තුව මෙන්න.

India
By Wayomi Mar 14, 2024 12:13 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත එම නියෝගය නිකුත් කර ඇත.

එම ලයිස්තුවේ Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs යන සුනඛ වර්ග ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ, සුරතලයට ඇති කරන සමහර සුනඛ විශේෂ නිසා මිනිසුන්ට ඇතිව තිබෙන තර්ජන හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ලැයිස්තුවට අයත් සුනඛ වර්ග දැනටමත් සුරතල් සතුන් ලෙස සිටී නම් එම සුනඛයින්ගෙන් තවදුරටත් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ යුතු බවදට නියෝග කර තිබෙනවා.

තහනම් කර ඇති සුනඛ විශේෂ වන්නේ,

Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog,Caucasian Shepherd Dog, South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa, Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf Dogs, Canario, Akbash Dog, Moscow Guard Dog, Cane Corso, Bandog.