CID යේ සිටින කුඩු සළිඳුගේ කන් වලට මොකද වුණේ? - කොටුව මහේස්ත්‍රාත්ගෙන් ලැබුණු අලුත්ම නියෝගය මෙන්න.
රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කුඩු සළිඳු කන ආශ්‍රිත රෝගයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ.
මේ, අනුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
ඒ සැකකරු උගුර, කන නාසය පිළීබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කර වෛද්‍ය ප්‍රථිකාර ලබා දෙන්නැයි ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් ඊයේ (28) විභාගයට ගත් අවස්ථාවේදීයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කුඩු සළිදු මෙන්ම හරක්කටා සමඟ සම්බන්ධ වූ සියලු දෙනාගේ දත්ත ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය විසින් සිදු කරන විමර්ශන අවසන් අදියරේ පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක වූ සැලසුම සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.