වෛද්‍යවරුන් දෙපළකට ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් රෝහලක වැඩවර්ජනයක්..

Sri Lanka Police Kurunegala Sri Lanka Hospitals in Sri Lanka
By krishani May 12, 2023 04:17 AM GMT
Report

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු දඹුල්ල ප්‍රදේශයේ දී මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

පසුගිය 08 වනදා කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටිය දී වෛද්‍යවරියකට සහ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේ ය.

මේ අතර, මෙම සිදුවීම මුල්කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු ඊයේ(11) එක්දින වැඩවර්ජනයක ද නිරත විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join