පොලිසියට ප්‍රහාරයක් - 06ක් රෝහල්ගත කරලා..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 07, 2023 01:49 AM GMT
Report

ඊයේ (06) වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළ පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරින් 06 දෙනෙකු තුවාල ලබා ඇත.

එම පොලිස් නිලධාරින් එම ප්‍රදේශයට ගොස් ඇති අතර මාර්ගයේ සිටි පිරිසක් සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එහිදී එම පිරිස එයට විරෝධය දක්වා ඇත.

ඉන්පසු නිලධාරීන් සමග බහින්බස් වී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join