මරණ පරීක්ෂකවරියකට ප්‍රහාරයක්..

Colombo Sri Lanka Colombo Hospital
By krishani Apr 28, 2023 08:10 AM GMT
Report

අද (28) කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරියට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කෙරිණී.

අද උදෑසන රාජකාරියට වාර්තා කිරීමට මරණ පරීක්ෂක කාර්යාලයේ දොර විවෘත කිරීමේ දී එම දොර ආසන්නයේ සැඟව සිටි පුද්ගලයෙකු මෙලෙස පහර දී පළා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

එම පහර දුන් පුද්ගලයා සොයා මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join