ඡන්ද අපේක්ෂකයෙකුගේ පියෙකු නිරුවත් කර අමානුෂික පහරදීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 28, 2023 07:26 AM GMT
Report

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට ඊතලවිද්දවැව කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුගේ පියෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (27) නිරුවත් කර පහරදීමක් සිදුකර ඇත.

අලුයම මුහුණ ආවරණය කරගෙන පැමිණි පිරිසක් ඔහු නවාතැන්ගෙන සිටි නිවසෙන් පිටතට රැගෙන ගොස් අසළ පිහිටි කණුවක ගැට ගසා මෙම පහර දීම සිදුකර ඇත.

එම පහර දුන් පිරිස ඔහුට දන්වා තිබුණේ ඉදිරි පළාත්පාලන ඡන්ද විමසීමට සිය පුත්‍රයා ඉදිරිපත් නොකරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join