ඇමතුම් පටිගත කිරිමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මගින් නිවේදනයක්.

Facebook Twitter WhatsApp Sri Lanka Social Media
By krishani Apr 06, 2023 11:26 PM GMT
Report

ආරක්ෂක අංශ මගින් Whatsapp ,Facebook ,Twitter ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සහ ඇතැම් ඇමතුම් පටිගත කරන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එලෙස කිසිඳු ක්‍රියාවක් ආරක්ෂක අමාත්‍යංශය විසින් හෝ ආරක්ෂක අංශ විසින් සිදු නොකරන බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සහ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

කෙසේවෙතත්, යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ එවැනි පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගිය ද එය ප්‍රායෝගික කරුණක් නොවන බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join