ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම විශේෂ නිවේදනයක්..
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සදහන් වන්නේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී ඇති බවයි.
මෙය 2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකම හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමක් ලෙස දැකිය හැකි ය.
තව ද, මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයකට සමාන විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ 2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ ගොස් ඇති බවයි.