අමෙරිකාව තවත් සැකකටයුතු පියාසර වස්තුවක් බිම හෙළයි 2023-02

United States of America China
By Sithumi Feb 13, 2023 11:30 AM GMT
Report

 අමෙරිකාව සිය ගුවන් කලාපයට ආසන්නයේ පියාසර කළ හඳුනා නොගත් තවත් වස්තුවකට වෙඩි තබා බිම හෙළා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ජෝ බයිඩ්න් ගේ නියෝගයකට අනුව අමෙරිකානු එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා කැනේඩියානු දේශ සීමාව ආසන්නයේ හූරොන් විලට ඉහළ අහසේදී එම හඳුනා නොගත් වස්තුවට ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මුහුදු මට්ටමේ සිට අඩි 20,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී එම හදුනානොගත් වස්තුවට වෙඩි තැබූ බවද අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා. චීනය විසින් ඔත්තු බැලීම සඳහා යෙදවූ බවට සැකකෙරෙන බැලූනයක් අමෙරිකානු ආරක්ෂක අංශ විසින් බිම හෙළනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 4වනදායි.

එම සිද්ධිය ලොව පුරා දැඩි කතාබහක් ඇති කළා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිද්ධියෙන් පසු අමෙරිකානු කලාපයට ඉහළින් පියාසර කරමින් තිබියදී වෙඩි තබා බිම හෙළන ලද 4වන ආකාශ වස්තු මෙය බවයි. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now