2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මාන ලබන ලාංකික සිසුවා.

Sri Lanka
By Wayomi May 11, 2023 07:54 AM GMT
Report

2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස ශ්‍රී ලංකික ශිෂ්‍යයෙක් සම්මානයට යෝජනා වී තිබෙනවා.

ඒ, ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්නයි.

එමෙන්ම සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ මොහුය.

ඒ, සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි.

කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයන් වේ.

ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙන් වන අතර ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළා.

එමෙන්ම සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමින්.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW