ඇමරිකාවෙන් විශේෂ පිරිසකට සීමා පණවයි..

COVID-19 United States of America China
By krishani Dec 30, 2022 01:01 AM GMT
Report

ඇමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින්ට කොවිඩ් පරීක්ෂණයන්ට අදාළ වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජනවාරි 5 වන දා සිට චීනය, හොංකොං සහ මැකාවු සිට පැමිණෙන සියලු මගීන් අදාළ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වන අතර ගුවන් මගීන් පිටත්වීමට දින දෙකකට පෙර ලබා ගත් කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් කළ යුතු බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගුවන් ගමනට දින 10 කට පෙර කොවිඩ් ආසාදනය වී සිටි පුද්ගලයෙකු සුවය ලැබීමේ ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතියි.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග ඇමරිකාව මෙම දැනුම්දීම සිදුකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join