පුද්ගලයින් තිදෙනෙකුත් සමග සැප රියෙන් මතුවූ දේ මෙන්න..(VIDEO)
Sri Lanka Police
Ampara
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් තිදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණයින් වයස අවුරුදු 26ත් 27ත් අතර පසුවන බවය.
මෙහිදී සැකකාර තරුණයින් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 17ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ ගංජා ග්‍රෑම් 20ක් පොලිස් භාරයට ගෙන ඇත. එම තරුණයින් පන්නිපිටිය ප්‍රදේශයේ සිට අදාළ මත්ද්‍රව්‍ය තොගය අම්පාර ප්‍රදේශයට ගෙනවිත් ඇතිබව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අම්පාර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |