මෙරට ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර.

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka India
By Wayomi Apr 27, 2023 09:18 AM GMT
Report

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට දේශීය ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර හිමි වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව කියා සිටියේ,ඉන්දීය වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන මැයෙන් වූ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත්කිරීම තුළින් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණ කටයුතු පහසු වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා පවසනවා.

එමෙන්ම එහිදී විශේෂ දේශනයක් පවත්වමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ අදහස් දක්වා සිටි අතර ඉන්දීය සහ ශ්‍රී ලංකාව අතර අනාගත ආර්ථික සහයෝගිතාවට අදාළ ක්‍ෂේත්‍ර හා දෙරට අතර තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බල ශක්තිය සහ සංචාරක ව්‍යාපාරය යන ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW