දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වැසෙයි. - වැසුවේ නැත්නම් සිදු වන දේ මෙන්න.

Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi Apr 27, 2023 10:44 AM GMT
Report

දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තබන බවයි.

එලෙස වසා තැබීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත්තේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW