විදෙස් ඇමති හදිසියේ හමුවූ පුද්ගලයා
Ali Sabry
Sri Lanka
India
By Sewvandhi
විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුරයි.
මෙහිදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳ සාකච්ඡා වූ බව ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.
මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ට්විටර් සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා පවසයි. දෙරටේ සබඳතාවල වත්මන් තත්ත්වය ද එහිදී සමාලෝචනයට ලක්කළ බව ඔහු සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |