ජැක්සන් ඇන්තනීගෙ දුව තාත්ත ගැන හදිසියේම සංවේදී සටහනක් තබයි..(VIDEO)
අනතුරට ලක්ව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද සැත්කමකට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදරයකු වන සමන් ඇන්තනී සහ තවත් පුද්ගලයෙකු සමඟ තලාව ප්‍රදේශයේ පැවති චිත්‍රපට රූගත කිරීමක් සඳහා සහභාගි වී අනුරාධපුර දෙසට ගමන් ගනිමින් සිටියදී පෙරේදා රාත්‍රී 9.30 ට පමණ අනතුරට ලක්ව තිබුණා.
ඒ ඔවුන් ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටීමෙන්. කැබ් රථයේ ගැටුණු අලියා එම රථය මතට පෙරළීමෙන් කැබ් රථයට ද දැඩි අලාභ හානි සිදු වූණා.
මේ අතර, ජැක්සන්ගේ දියණිය ද ඇගේ ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබමින් සිය පියාගේ තත්ත්වය පිළිබඳව සඳහනක් කර තිබුණා.
“අප්පච්චි, පොඩි බාප්පා සහ ඉරේශ් තවමත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව ය. ඔවුන් ගැන සොයා බැලූ සුව පැතූ හැමට ස්තූතියි.
තම තම ඇදහිල්ල ප්‍රකාර ඔවුන් වෙනුවෙන් නා නා පුද පූජා කරමින් සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි.
කිසිඳු දියණියකට මට මෙන් නොදැනේවා!! "දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය.
මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි"”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |