'..කවදා හරි මගේ මිනිය බලන්න සෙනඟ ගඟක් ආවොත් තමයි මම රටට සේවයක් කරපු මිනිහෙක් වෙන්නේ කිව්වා.." ජැක්සන් ඇන්තනි ගැන ලොකු පුතා අකිල පළමුවරට හෙළිකළ සංවේදී කතාව..(PHOTOS)

Gossip Today Sri Lankan Actor Jackson Anthony SL Actress Gossips
By Sewvandhi Feb 04, 2023 04:37 PM GMT
Report

ඇන්තනි පවුලේ දෙවැනි පුතා විදිහට උපත ලබන අකිල ධනුද්දර කලා කටයුත්තකට සම්බන්ධ වෙන්නේ අවුරුදු විසි තුනේදී. ඒකට හේතුව අප්පච්චි ආසම අශ්වයෙක් ඇති කරන්න නිසා ඒ අශ්වයා අරන් දෙන්න ඕන කියලා අකිල ව්‍යාපාර පැත්තට යොමු වෙනවා. මේ ආදරණීය දුවණියකට ආදරණීය තාත්තා කෙනෙක් වූ ඔහු ගැනයි.

අකිල අප්පච්චිට තිබ්බ ආදරේට පොඩි කාලේ ඉඳලා බිස්නස් කරා නේද ඕස්ට්‍රේලියා වෙන් ඇපල් වත්තකුයි අශ්වයකුයි අරන් දෙන්න..?

අප්පච්චි පුංචි කාලේ ඉඳලා කිව්වා ඔයා ලොකු වුණාම මට ඇපල් වත්තක් අරන් දෙන්න කියලා . ඒ වගේම අප්පච්චි අශ්වයෝ පදින්න හරි ආසයි. ඉතිං මට තේරෙන දවසේ ඉඳලා මම අප්පච්චිට කිව්ව දෙයක් තමයි රගපාලා ඇපල් වතු අශ්වයෝ ගන්න බැහැ. ඒ නිසා මම බිස්නස් කරලා සල්ලි හොයලා අප්පච්චිගේ ආශාව ඉෂ්ට කරන්නම් කියලා. මම පුංචි කාලේ ඉඳලා මාළු විකුණුවා. විකුණලා සල්ලි ගත්තා. ඔය එක එක දේවල් කරා. ඒවා ජීවිතේ ට සුන්දර අත්දැකීම් එකතු කරා. මට තවම මගේ අප්පච්චිගේ ඒ ආශාව ඉෂ්ට කරන්න බැරි වුණා. අප්පච්චි අන්තිමට කිව්වා උඹේ ඇපල් වත්ත එපා රඟපාන්න පලයං කියලා. 

 අම්මයි අප්පච්චියි මොනවා කිව්වත් රඟපාන්නේ නැහැ කැමරාවක් ඉදිරියට එන්නේ නැහැ කියලා හිටපු අකිල දැන් වැඩ ගොඩක් කරන කෙනෙක් වෙලා..?

ඒකනේ. පුංචි කාලේ ඉඳලා අක්කයි මල්ලියි හරි ප්‍රසිද්ධයි. ජැකාගේ කුමාරිගේ දරුවෝ දෙන්නෙක් ඉන්නේ කියලා හිතපු අය හිටියා. මේ ගොල්ලන්ට නිදහසේ පාරේවත් යන්න බැහැ . කිසිම අත්වැරුද්දක් කරන්න බැහැ. ඉතිං පරිස්සමින් ජිවත් වෙන්න ඕන. කවුරුත් දන්නේ නැති නිසා මාව මම නිදහසේ පාරේ බැහැලා ගියා. හිතුණු විදිහට නිදහසේ ජීවත් වුණා. ඔය හේතු නිසා තමයි මට මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ඕන වුණේ. නමුත් මට ඈනුමක් තාලෙට ගියත් අම්මා අප්පච්චි සතුටු වුණා. මම වැරදිලා සිංදුවක් කියන්න ගියා කියලා. ඒ දෙන්නා ආස වුණා මම රඟපානවට. සිංදු කියනවට. අප්පච්චි කිව්වා හොඳ නිර්මාණයක් කළොත් මොකද කියලා. මම සල්ලි එකතු කරලා ඇපල් වත්තක් අරන් දෙනවට වඩා රඟපාන්න යන එක හොඳයි කියලා හිතුවා අන්තිමට. ඊට පස්සේ තමයි රොමේෂ් සුගතපාල කියන දිගු දෑස දුටුවාම කියන ගීතයේ විෂුවල් එකට සම්බන්ධ වෙන්නේ. ගෙදරට ඇවිත් ඒකට ආරාධනා කළාම අම්මයි අප්පච්චියි හරියට සතුටු වුණා. මම බැහැ කිව්වා. ඊට පස්සේ සම්බන්ධ වුණා ඒකට. ඒ වගේම ඒ කාලේ ඒක හිට් එකක් වුණා. ඊට පස්සේ නිර්මාණවලට ආරාධනා ආවා. මමත් සම්බන්ධ වුණා වැඩේ අල්ලලා ගියා.

දැන් නිර්මාණයක් අවසන් වෙද්දී තව නිර්මාණයකින් දකින්න ලැබෙනවා ..?

ඔව්. මේ දවස්වලත් ශලනි තාරකා එක්ක රඟපාන චිත්‍රපටයක වැඩ අවසන් කළා. පහුගිය අවුරුදු තුනට චිත්‍රපට අටක් කළා. ධනංජය සිරිවර්ධන අයියා අධ්‍යක්ෂණය කරන නාට්‍යක් ළඟදිම විකාශනය වෙයි. ඊට අමතරව හිරු නාළිකාවෙන් ආරාධනාවක් ලැබුණා නර්තන රියැලිටි එකක විනිශ්චය මණ්ඩලයට වාඩි වෙන්න. ඒ කටයුත්තටත් සම්බන්ධ වෙනවා.

ඔය කාර්‍යබහුල ජීවිතේ එක්ක පවුල මඟ හැරිලා නැද්ද ..?

මාස හයකට වඩා වැඩි කාලයක් මම සම්බන්ධ වෙන්නේ කොළඹ වැඩවලට විතරයි. ඉස්සර එහෙම නැහැ පිට පළාත් වලට ෂුටිං ගිහිං ගෙදර එන්නේ දවස් අට නමයක් හෝ විස්සක් විතර ඉඳලා. දැන් එහෙම නැහැ. හවසට ගෙදර එන්න බලාගෙන තමයි හැම දෙයක්ම භාර ගන්නේ. ඒ නිසා පවුල් ජීවිතේ හෝ බිරිය දුව මිස් වෙලා නැහැ. මට දවසක්වත්. කොළඹ රැඳෙන්න තව හේතුවක් තියෙනවා හොස්පිට්ල් ගිහිං අප්පච්චිව බලලා එයාට නින්ද යනකල් ඔහේ ආගිය තොරතුරු කතා කරලා එන්නේ. මම ඉන්නේ මහ ගෙදර. අක්කයි මල්ලියි එයාලගේ වගකීම් ඉටු කරද්දී අප්පච්චි වෙනුවෙන් කරන්න මටත් වැඩ තියෙනවා. අපි හැමෝම අප්පච්චිව ඉක්මනින් ගෙදර ගේනකල් බලාගෙන ඉන්නවා. වෛද්‍යවරු අප්පච්චිව සුව කරමින් ඉන්නවා.

ජක්සන් ඇත්තනියන් කියන්නේ ඇවිදින පුස්තකාලයක්. එතුමා නැවත නිර්මාණ කටයුත්තකින් දකිනතුරු නොඉවසිල්ලෙන් ඉන්න රසිකයින්ට ඔබ දෙන සුබ පණිවිඩය මොකක්ද…?

අප්පච්චි ගැන නානාප්‍රකාර දේවල් නිව්ස් වෙලා පළ වෙද්දී ඒ දිහා උත්තර නොබැඳ ඉන්න අපි වග බලාගන්නවා. අප්පච්චි රෝහලේ ඉන්නේ උණක් හෙම්බිරිස්සාවක් හැදිලා නෙමෙයි . සුෂුම්නාව ආශ්‍රිත තත්ත්වයක්. එක එක්කෙනාට එයාලට හිතිච්ච දේ කියන්න ඉඩ හැරලා අපි නිහඬව ඉන්නවා. කියන්න තියෙන්නේ අප්පච්චි හොස්පිට්ල් එකේ නර්ස්ලා ඩොක්ටර්ස්ලාට කියලා තියෙනවා ඉක්මනින් ඇවිත් එයාට වෙච්ච සියල්ල පොතක් බවට පත් කරනවා කියලා. ඒ කතාව පොතකින් එළියට එයි. අපි අප්පච්චිගේ කතාව කියනවට වඩා අප්පච්චි කියන එක හොඳයි. ඒ වගේම අප්පච්චි නිතරම කිව්වා මම රටට සේවය කරන්න ඕන කියලා. කවදා හරි මගේ මිනිය බලන්න සෙනඟ ගඟක් ආවොත් තමයි මම රටට සේවයක් කරපු මිනිහෙක් වෙන්නේ. නැත්නම් මම නිකම්ම නිකම් මිනිහෙක්. මට නිකම් මිනිහෙක් විදිහට මැරිලා යන්න බැහැ කියලා.

පුංචි දෝණිට සීයා අප්පච්චි මඟ හැරිලා ඇති ..?

අපේ පවුලට එකතු වුණු පළවෙනි දරුවා එයා. ඒ නිසා හැමෝම එයාට ආදරේ කළා. අක්කා මල්ලි විවාහ වෙන්න කලින් වැඩ කරලා ගෙදර එන්නේ අපේ අරන්‍යා ඇන්තනීව හොයාගෙන. දැන් එයාට අවුරුදු තුනක් ලැබුවා. දුවට අප්පච්චිව ගොඩක් මඟ ඇරිලා සෙල්ලම් කරන්න නැති නිසා.

ආරණ්‍යා නම තැබුවෙත් ඔහු..?

අප්පච්චි කිව්වේ කෙල්ලට ගෙදර ආරණ්‍යක් වගේ සැනසිල්ලේ ඉන්න තියෙන්න ඕන. එයා ගෙදරට සැනසිල්ල ගෙනෙයි කියලා තමයි ඒ නම තිබ්බේ. මොන සැනසිල්ල ද එයා නිතරම ඉන්නේ හරි කලබලෙන්. ඒ වුණාට ආදරණීය දුවක් එයා. එයාට ආදරේ පිරිලා ලැබෙනවා. ආරණ්‍යා දන්නවා පවුලේ හැමෝම කරන කියන දේ. එයාලා කැමති කෑම බීම කැමති පාට පවා. ජනප්‍රිය නළුවෙක් හා කලා පවුලක පුතෙක් කරකාරෙට ගැනීමත් ජීවත් වීමත් සාමාන්‍ය විදිහට ජීවත් වුණු කෙනෙකුට අසීරූ කටයුත්තක් වෙන්න පුළුවන්.

කොහොමද බිරිය ..?

එයාට ආදරේට කියන්නේ එමී කියලා. ඇය ඇමෙන්ඩා ඇන්තනී. මම කරකාරෙට ගත්තේ මගේ සෙකට්‍රිවනේ. කාලයක් දැන හඳුනාගත් එමිව කසාද බැන්ද නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. අමුතුවෙන් අපේ පවුලට හෝ මට හැඩ ගැහෙන්න අවශ්‍ය වුණේ නැහැ. මාව තේරුම් අරන් ආදරේත් එක්ක පවුල් ජීවිතේ ලස්සනට ගත කරනවා. හැමදාම උදේ පහයි තිහට මම නැඟිටිද්දී එයා උයන කෑම සුවද දැනෙන්න ඕන. එයාගේ අතින් උයලා දෙන කෑම එක මට එක දවසක් නැති වුණොත් දවසම ඉවරයි . ඒ නිසා අසනීපයෙන් හිටියත් එමි කවදාවත් අමාරුයි කියලා නිදාගන්නේ නැහැ. සියල්ල හොයලා බලලා හැමදේම කරනවා. එයා නිසා ජීවිතේ ලස්සන වෙලා. කොහොම හරි ඉතිං ගැළපෙන ම කාසාදේ කරගත්තා.

අනේ අකිල මම නළුවෙක් බැන්දේ අපරාදේ කියලා නැද්ද ..?

එහෙම කියන්න හේතුවක් වෙලා නැහැ . කොහේ ගියත් අපි තුන්දෙනා එකට යන්නේ. වැඩිපුර කාලයක් පවුලත් එක්කයි ගත කරන්නේ. (හර්ෂණී වීරරත්න සිළුමිණ රසඳුන අතිරේකයෙන්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

GalleryGalleryGallery