හිටපු මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ගත් තීරණය..
අද(25) දින හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 26 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදියි අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මෙම නියෝගය සිදුකරනු ලැබුවේ.
2006 වසරේ ජුලි මස පළ වන දා සිට 2015 වසරේ ජනවාරි මස 08 වනදා දක්වා කාලය තුළ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක්, මෙරට කීර්තිනාමය වර්ධනය කිරීමට යැයි සඳහන් කරමින් ඇමරිකානු ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී වරදක් සිදු කර ඇතැයි අදාළ පැමිණිල්ලේ සඳහන් ය.
එමෙන්ම 2022 වසරේ ජනවාරි මස 18 වනදා කල් පිරිය යුතු ස්වෛරී බැඳුම්කර තුළින් රජයට ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදුකළ බව ද මෙහි සඳහන් වේ.