යළි මෙරට දිස්ත්‍රික්ක කිහිපයකට අවදානම් තත්ත්වයක්..මේ ප්‍රදේ්ශවල අය දැඩි විමසිල්ලෙන් සිටින්න..

Sri Lanka Weather
By Aruna Mar 13, 2023 04:18 AM GMT
Report

දිස්ත්‍රික්ක දහයක ප්‍රධාන නගරවල ඊයේ ( 12වැනිදා) වායු දූෂණය අහිතකර මට්ටමේ පැවැති බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවැසුවේ, කොළඹ නගරයේ වායු දූෂණය සියලුම දෙනාටම අහිතකර බලපෑම් ඇතිවිය හැකි මට්ටමේ පැවැති බවයි.

එහි ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකය 154ක් දක්වා (ශුද්‍ර අංශු මට්ටම 54ක්) ඉහළ අගයක පැවැති බවද පැවැසීය.

මේ අතර යාපනය නගරයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 106ක්, කුරුණෑගල නගරයේ සහ වවුනියාව නගරයේ ත්‍රිකුණාමලය නගරය 111ක් බැගින්ද ගාල්ල කරාපිටිය 123ක්, පුත්තලම නගරය 117ක්, බදුල්ල නගරය 134ක්, මුලතිව් නගරය 109ක්, සහ පොළොන්නරුව නගරය 106ක් ලෙස සටහන් වූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

මහනුවර, කෑගල්ල, නුවරඑළිය මාගස්තොට, රත්නපුර ,ගැටන්ගම, ඇඹිලිපිටිය නගරය මඩකලපුව, කළුතර නගරය, හම්බන්තොට නගරය ආශ්‍රිතව වයු ගුණ තත්ත්වය පිළිගත හැකි මට්ටමේ පැවැති බවද පැවැසීය.

වායු ගුණ තත්ත්ව දර්ශකය 101ත් 150ත් අතර පවතින ප්‍රදේශවල පදිංචි සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් ඇතිවිය හැකි බවත් 151ත් 200ත් අතර පවතින ප්‍රදේශයේ පදිංචි සියලුම පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවැසීය.


 සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.