හැකිතාක් නිවෙස් නිවෙස් වලට වී සිටින්න..! මුඛ ආවරණයක් පළදින්න..! මෙම ප්‍රදේශවල සිටින්නන් දැඩිව ප්‍රවේශම්වන්න..!

Colombo Kandy Sri Lanka Ministry of Health Sri Lanka Face Mask
By Sewvandhi Dec 08, 2022 09:02 AM GMT
Report

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල මේ දිනවල පවතින වායු දූෂණ තත්ත්ව හේතුවෙන් තම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටිනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවය.

"මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා."

"දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරගවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යානපය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල." "මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි."

"ඒ වගේම මේ වගේ අවස්ථාවකදී මුඛ ආවරණයක් දැමීම වැදගත් වෙනවා."

"මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now