තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා..
Covid
Sri Lanka
Parliament
Akila Ellawala
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඔමික්‍රොන් ප්‍රභේදය නැවතත් ශීඝ්‍රයෙන් හිස ඔසවන බවක් පෙනෙන මොහොතක දී මීට පෙරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, රෝහිණී කවිරත්න ඇතුළු තවත් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වූ අතර, බූස්ටර් එන්නත් ලබා නො ගෙන අවදානම සුළුවෙන් තැකීම නුවණට හුරු නැති බව යි සෞඛ්‍ය අංශ නැවත නැවතත් අවධාරණය කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |