අද සිට මෙරට ලක්ෂ 12කට නොමිලේම ලැබෙන දේ මෙන්න..රටටම සතුටුදායක ආරංචියක්.!!
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Aruna
වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් වන සියලු ගොවීන්ට අද (20) සිට මඩ පොහොර හෙවත් ටී.එස්.පී නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.ඒඩ් ආයතනයේ දායකත්වයෙන් මෙරටට ආනයනය කරන ලද ටොන් 36,000ක මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීම ඊයේ(19) සිදුකෙරුණා.
පළමු මඩපොහොර තොගය අද (20) උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරෙන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් එකොළොස් දහස් 537ක්.
ඊයේ (19) මෙම පොහොර තොගය භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්ද එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |