ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්..

By Sithumi Nov 25, 2022 04:31 PM GMT
Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ අතර අද (25) පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්වුණා. 

ඒ තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට අවසනාවන්ත පරාජයක් හිමි කර දෙමින්. 

 තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ මුළු ලකුණු සංක්‍යාව 294ක්. 

 තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 295ක ඉලක්කයක් හිමි වූ අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234කට සීමා කළ ඇෆ්ගන් පන්දුයවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නා. 

 ඒ අනුව පන්දුවාර 38ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 234ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 66ක් ලබාගත්තා.