මිල්කෝ සමාගමෙන් කිරි ගොවීන්ට දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Apr 14, 2023 02:38 AM GMT
Report

ඊයේ (13) සහ අද යන දිනවල අධික උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීමත් සමග කිරිදෙනුන් සෑම විටකම සෙවන සහිත ස්ථානයක රඳවා තැබීමට කටයුතු කරන ලෙස මිල්කෝ සමාගම කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ අනුව එම සතුන්ට හැකිතාක් ජලය ලබාදීමට කටයුතු කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ.

කෙසේවෙතත්, බස්නාහිර, දකුණ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද දින ඉතා අධික උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join