CID ය අත්අඩංගුවට ගන්න කලින් ආදර්ශා ඉල්ලූ ඇප අයදුම්පතට මහේස්ත්රාත් අධිකරණය කරපු දේ.
ආශූ මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදු කළේ යැයි තමන්ව CID ය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද ප්රතික්ෂේප කර තිබෙනවා.
ඉල්ලුම්කාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාල වලට මුදා හැරීමෙන් පසුව CID ය තම සේවාදායිකාව අත් අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළා.
මෙසේ අත්අඩංගුවට පත් වූවොත් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය විමර්ශන කටයුතුවලට සහාය දීමක් ලබා නොදෙන හෙයින් එම අවස්ථාවේදී ඇයට ඇප නියම කරනු ලැබුවොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවත් දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |