"..මම විවාහ වුණේ මට උගන්වපු සර් එක්ක.." ප්‍රවීන නිළි ප්‍රියා රණසිංහ..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Jan 26, 2023 06:48 AM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි ප්‍රිය රණසිංහ කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය හා තිර රචනය හරහාද දක්ෂතා දැක්වූ ඇය කලාවට කිසිදු සම්බන්ධතාවයක් නොතිබූ පවුලකින් ඉදිරියට අපූරු කාන්තාවක්.

ඒ වගේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ ඒ හරහා සිසුන්ට මඟ පෙන්වන ගුරුවරියක ලෙසද අපට ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ප්‍රියා රණසිංහ නමින් අප හැදින්වුවද ඇය ප්‍රියා ස්වර්ණකාන්ති අතුකෝරළයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ අම්මා, තාත්තා දෙදෙනාම වෘත්තියෙන් විදුහල්පතිවරුන් විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම ඇයට අයියලා තුන්දෙනෙක් හිටියත් එක අයියා කෙනෙක් නැති වෙලා තියෙනවා. කොහොම නමුත් ඇය පාසල් කාලයේදී නර්තනයට වගේම ගායනයටත් ඉතාම කැමැත්තක් දක්වලා තියෙනවා.

හැබැයි ඇයගේ සහෝදරයින්නම් කලාවට නම් ප්‍රිය කරලා නැහැ. ඒ නිසාම ඇයට චිත්‍රපටයක් නැරඹීමට තරම්වත් ඉඩක් ඔවුන් ලබාදීලා තිබුනේ නැහැ. ඉතින් සිනමාව කලාව තියා පත්තරයකින්වත් කලා තොරතුරු කියවනවට අයියලා කැමති වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ ලොකු අයියා හරිම සැර නිසා ඉස්සර පිරිමි ළමයෙක් ඇයගේ ගෙදර දිහා බල බලා ගියොත් එහෙම එදාට ඇයට ගුටි කියලත් ප්‍රියා කියනවා.

ඒ වගේම ඇය විවාහ වුණේ ඉතා තරුණ අවධියේදී කියලයි ඇය කියන්නේ. එතකොට ඇයට වයස අවුරුදු 20යි කියලත් ඇය කියනවා. ඉතින් ඇය විවාහ වුනේ ඇයගේ ගණිත ටියුෂන් ගුරුවරයා සමඟලු. ඒ වගේම ඇය කලාවට අවතීර්ණ වුණේ ඇයගේ ආදරණීය සැමියා සරත් රණසිංහ නිසා කියලත් ඇය කියනවා. ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ආදරණීය සැමියෙක් කියලයි ප්‍රියා කියන්නේ.

ඒ වගේම ඔහු කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ‘සීමා බන්ධන’ වේදිකා නාට්‍යය තමයි ඇයගේ කලා ජීවිතයේ ආරම්භය වුනේ. ඒ හැත්තෑව දශකයේ අග භාගයේදී පමණ. ඉතින් ඊට පස්සේ ඇයගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනය වුනේ ‘දිමුතු මුතු’ නිර්මාණය. ඒ වගේම ඇය මේ වනවිට ‘අසල්වැසියෝ’, ‘ඉන්ටර්නැෂනල් 2’ වැනි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වුනත් අද වනවිට කෙරෙන නිර්මාණවලට ඇයට ආරාධනා ලැබෙන්නේ නැතිම තරම් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.(උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery