නොසැලකිලිමත්භාවය දෙදරු මවකට දිවි අහිමි කළ සංවේදී පුවතක්.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 18, 2023 04:44 AM GMT
Report

වාද්දූව නොම්බර එක දුම්රිය ස්ථානයේ දී අද (18) උදෑසන 06.00ට පමණ අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් දුම්රිය එන්ජිමක ගැටී මියගොස් ඇත.

එම කාත්තාව සිය රාජකාරි සඳහා පිටත්ව යාමට කොළඹ බලා ධාවනය වන දුම්රියකට නැගීමට මෙම දුම්රිය ස්ථානයට පැමිණ ඇත.

එහිදි දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ඉදිකර තිබෙන ආරක්ෂිත දුම්රිය පාළමෙන් ගමන් නොකර අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේ දී එම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන අතර වාද්දූව පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join