අයි.ඕ.සී. ඩීසල් පාර පුරා - ජනතාව ඩීසල් එකතු කරයි.. (VIDEO)
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
ඩීසල් තොගයක් රැගත් බවුසරයක් අද (11) දින උදෑසන 6.30 ට පමණ හපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසළ දී අනතුරට ලක්ව තිබෙන අතර ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයේ සිට ඩීසල් රැගෙන ආ බවුසරයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
බවුසරයෙන් කාන්දු වූ ඩීසල් මේ වනවිට මාර්ගය පුරා ගලායමින් පවතින අතර බවුසරයේ රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |