"බ්රේක් එකට කකුල තිබ්බට බ්රේක් නෑ.." - රියදුරුගේ දක්ෂතාවයෙන් මගීන් 60කගේ ජිවිත බේරෙයි.. (VIDEO)

Accident
By krishani Jan 31, 2023 07:05 AM GMT
Report

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් ප්‍රපාතයට ඇදී යන විට බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුරු ක්‍රියා කර ඇත.

ඔහුගේ එම දක්ෂතාවය හේතුවෙන් මගීන් 60කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකි වී ඇත.

බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති අතර එහි සිටි මගීන් පැවසුවේ බස් රථය වේගයෙන් පහළට ඇදී යන විට දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බව ය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel