තරුණියන් හෝටල් වලට රැගෙන ගිය තරුණ පොලිස් කොස්තාපල්.. 35000කුත් අරගෙන කරපු කැත වැඩේ..

Sri Lanka Police Sri Lanka
By Aruna Apr 12, 2023 02:08 AM GMT
Report

ගබ්සා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ගබ්සා කර ගැනීමට පැමිණෙන තරුණ කාන්තාවන්ට ලිංගික අතවර කර ලක්‍ෂ ගණනින් මුදල් ඉපයූ පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ (11) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගබ්සා කරගැනීමට පැමිණෙන තරුණ කාන්තාවන් හෝටල්වලට රැගෙන ගොස් ඔවුන්ට ලිංගික අතවර කර පසුව ගබ්සාවන් සඳහා පාවිච්චි කරන ඖෂධ ලබා දී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සැකකරු සතුව තිබී ගබ්සා සඳහා පාවිච්චි කරන ඖෂධ සහ ගංජා සොයාගත් බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකරුගේ අතවරයට ලක් වූ කාන්තාවන් වලාන දූෂණ මර්දන ඒකකකයට කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි.

පොලිස් නිලධාරිනියක සහ පොලිස් නිලධාරියකු පෙම් යුවළක ලෙස රංගනයේ යෙදෙමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයාට දුරකථනයෙන් කතා කර ගබ්සාවක් කර ගැනීමට අවශ්‍ය බව දැනුම් දී ඇත.

ඒ සඳහා රුපියල් 35,000 ක මුදලක් අය කරන බවත්, ගබ්සාව සිදු කිරීම සඳහා හෝටලයක් වෙත පැමිණිය යුතු බවත් සැකකරු දැනුම් දී ඇත.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් වෙස් වලාගෙන එම හෝටලය වෙත ගොස් තිබේ. සැකකරු පෙම් යුවළ ලෙස රඟපෑ පොලිස් නිලධාරීන් දෙදෙනා රැගෙන ගොස් පොලිස් කාන්තාව ගබ්සාව සඳහා හෝටල් කාමරයකට කැඳවා තිබේ.

ඒ අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගබ්සා වෛද්‍යවරයකු ලෙස රංගනයේ යෙදෙමින් කාලයක සිට මෙම අපරාධය සිදුකර ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්‍ද්‍ර, පොලිස් පරීක්‍ෂක ජනිත, සැරයන් (428) ජයලාල් ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now