මාස 03ට අඩු තමන්ට හදාගන්න බැරි දරුවන් රහසිගතව තියලා යන්න ක්‍රමයක්.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Apr 29, 2023 09:15 AM GMT
Report

මව්වරුන් විසින් අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විශේෂ රැස්වීමක් පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබුවා.

ඒ අනුව බිළිඳන් රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 339 ක කවුලු ස්ථාපිත කිරීම සහ පවත්නා නීතිමය තත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ..

එමෙන්ම අතහැර දමා යන බිළිඳුන්ගේ මව්පියන් පිළිබඳ තොරතුරුවල රහස්‍ය භාවය සුරැකෙන ලෙස හෝ යම් ලෙසකින් සටහන් කරගැනීමේ වැඩපිළිවෙලක්ද සකස් විය යුතු බවටද සාකච්ඡා වී ඇති බව සඳහන්.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW