ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු ඇතුලු පිරිසක් පැහැරගනී

By Sithumi Feb 20, 2023 02:18 PM GMT
Report

ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු ඇතුලු පර්යේෂකයින් කණ්ඩායමක් පැපුවා නිව්ගිනියාවේ දී ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කඳුකර ප්‍රදේශයක පර්යේෂණයේ නිරතව සිටි එම පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි අදාළ කණ්ඩායම විසින් ප්‍රාණ ඇපයට තබා ගත් ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයා ඇතුලු පර්යේෂකයින් කණ්ඩායම මුදා හැරීම සඳහා කප්පම් මුදලක් ද ඉල්ලා ඇති බව සඳහන් 

  පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය James Marape පවසන්නේ අතුරුදන් වූ පිරිස බලධාරීන් සමග සබදතා පවත්වා ඇති අතර ඔවුන් ආරක්ෂිතව පසුවන බවයි පැහැර ගැනීමට ලක් වූ පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට අපේක්ෂා කරන බව පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා