රට රැකියා සිහිනය ලකුණු පහකින් අහිමි වූ තරුණයා,මාපියන් රැකබලා ගැනීමට නොහැකි වූ බව කියමින්.. සියල්ලන් හඬවා ගෙල වැලලාගනියි..(PHOTOS)

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 12, 2023 10:45 AM GMT
Report

අකුරැස්ස පොලිසිය  සදහන් කරන්නේ තමාගේ සිහින ලෝකය ගොඩනගා දෙමව්පියන් රැකබලා ගැනීමට රැකියාවක් සොයාගැනීමට නොහැකි බවට ලිපියක් ලියා ගෙල වැලලාගත් අකුරැස්ස පරදුවේ 29 හැවිරිදි තරුණයෙකුගේ සිරුර නිවසේ බාල්කයේ එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි.

විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට උත්සහ කළ මෙම තරුණයාගේ සිරුරු වහළයේ එල්ලෙමින් තිබියදි නැදෑහිතවතුන් ඔහු අකුරැස්ස රෝහලට රැගෙන ගොස් තිබූ අතර රෝහලට යන විටින් ඔහු මියගොස් තිබූ බවත් වෛද්‍යවරු පවසති.

මෙසේ මියගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ නමැති තරුණයෙකි. පසුගියදා පෙදරේරුවකුගේ අත්උදව්වට ගොස් තිබුණේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමටය. කොරියන් විභාගයෙන් ලකුණු 5ක් අහිමි වීමේ නිසා සිත්තැවුලෙන් සිටි බවට තොරතුරු ලැබුණු බව පොලීසිය සදහන් කරති.

දරු තිදෙනාගෙන් වැඩිමහල් පුතු වන කසුන් අංජන පවුලේ බර කර මත තබා ගෙන සිතේ පරිදි මාපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි මව පැවැසුවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery