අම්මයි දුවයි කාමරයට ගෙන්වා දුව නිරුවත් කර කැතවැඩක් කළ පොලිස් නිලධාරියා..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Ratnapura
By Aruna May 21, 2023 05:28 AM GMT
Report

මව ඉදිරිපිටදී 26 හැවිරිදි ආබාධිත දියණිය නිරුවත් කර ඇයට ලිංගික අතවරයක් කර පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස් කොස්තාපල් කෙසෙල් වත්ත පොලිසියට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන අයෙකි.

මෙම කොස්තාපල්වරයාගේ රෝගී මව රැක බලා ගනිමින් මෙම තරුණිය සහ ඇයගේ මව වසර දෙකක කාලයක් තිස්සේ සිට කොස්තාපල්වරයාගේ නිවසේ ගත කරන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රධාන පවත්පතකට අද(21) දින ප්‍රකාශ කර තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වූ බව කියමින් මෙම මව හා දියණිය කාමරයකට කැඳවා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණියට විවාහ යෝජනාවක් අවස්ථාවේ ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද පොලිසිය පවසයි .

විවාහ යෝජනාව තරුණිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇයට පහර දී මව ඉදිරිපිටදීම නිරුවත් කර ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එම තරුණිය පෙරේදා කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම තරුණිය කළ පැමිණිල්ලේ මෙම තොරතුරු සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

තරුණිය මෙම පැමිණිල්ල කිරීමට කලින් දිනයේ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බිය තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වී ඇති බවට කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන 26 හැවිරිදි ආබාධිත තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවයි පොලිසිය කියා සිටි.

කොස්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now