විදුලි සෝපානයකට ගොඩ වෙනව නම් නිරන්තර අවධානයෙන් සිටින්න - එකවරම තරුණයෙක්ට වුණ අකරතැබ්බයක් සියල්ලන් සංවේදී කරවයි..
Hospitals in Sri Lanka
Latest Headlines
By krishani
ප්‍රසිද්ධ අවන්හලක විදුලි සෝපානයට පාදයක් සිරවීම හේතුවෙන් තරුණයෙකු තුවාල ලැබූ පුවතක් පිළිබඳව තොරතුරු හෝමාගම ගොඩගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම අවස්ථාවේදීම අදාළ තරුණයාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම තරුණයා විදුලි සෝපානය භාවිත කරමින් පහල මාලයේ සිට භාණ්ඩ තොගයක් එහා මෙහා රැගෙන යමින් සිටිය දී එක් වරම විදුලි සෝපානයේ ආධාරක කේබලයක් කැඩී ගොස් තිබෙනවා.
එහිදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 17ක් වන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ය.