රෝහල් වාට්ටුවට පැන තරුණයෙක්ව කපා කොටා ඝාතනය කරයි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 28, 2023 11:40 AM GMT
Report

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්වී තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වී ඇත්තේ මැදවච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (27) සවස පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් පහරකෑමට ලක්වී අදාළ තරුණයාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුළත් කර තිබූ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ශික්ෂණ රෝහලේම මහාචාර්ය ඒකකයේ 66 ශල්‍ය වාට්ටුවට ඇතුළත් කර තිබුණා.

ඔහු එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) උදෑසන 05ට පමණ එම ඒකකයට ඇතුළුවූ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම තරුණයාගේ ගෙල ප්‍රදේශයට සහ පාදයකට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් තිබෙනවා.

පසුව එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මකවූ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය විසින් එම රෝගියාව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ද එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්වී සිටි බව වාර්තා වන්නේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රෝහල් පොලීසිය සහ අනුරාධපුර පොලිස් මූලස්ථානය, මැදවච්චිය පොලීසිය විසින් සිදු කරනු ලබනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW