ලබන සෙනසුරාදා සිට පැය 18ක් කොළඹට වතුර නෑ. අදාළ ප්‍රදේශ මෙන්න.

Colombo Water Cut
By Wayomi Jan 05, 2023 11:06 AM GMT
Report

කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (07) සිට ඉරිදා (08) වෙනිදා දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා කොළඹ 1, 2, 3, 4, 7, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට එලෙස ජල කප්පාදුව සිදු වෙනවා.

මාළිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW