අඩු ආදායම්ලාභී පවුල් රැසකට ලැබුණ වටිනා තෑග්ග..

Sri Lanka
By krishani Jan 01, 2023 06:14 AM GMT
Report

වැලිගම - වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් රැසකට එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරිකයෙකු වන පී.කේ.ජී.ජගත් ප්‍රේමලාල් මහතා විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.

එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන් සහ වැඩිහිටියන් පිරිසකට එම පරිත්‍යාගය සිදු කෙරුණු අතර රුපියල් ලක්ෂ 15ක මුදලක් අද(01) පෙරවරුවේ දී මෙම පවුල් වෙත පිරිනැමුණේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join