පොලිසිය යැයි පෙනී සිට සිදුකළ කොල්ල කෑම..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 22, 2022 01:42 AM GMT
Report

බණ්ඩාරගම - බොල්ගොඩ පාලම ආසන්නයේදී පසුගියදා පොලිස් නිලධාරීන් ලෙස තුන්දෙනෙකු පෙනී සිට සංචාරක සමාගමක හිමිකරුවකු සහ එහි සහකාර ගණකාධිකාරවරයා පැහැරගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 08කට ආසන්න මුදල් සහ ක්‍රෙඩිට් කාඩ්පත් කොල්ලකා තිබේ.

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව මෙම පැහැරගැනීම සිදු කර ඇති බව පොලිසිය සදහන් කළේ ය.

ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම කොල්ලකරුවන් සංචාරක සමාගමේ හිමිකරු පැමිණි මෝටර් රථය හරස් කොට ත්‍රිරෝද රථය නතර කොට තමන් පොලිසිය බවට පවසා මෙම පිරිස පැමිණි මෝටර් රථයෙන්ම ඔවුන් පැහැරගෙන ගොස් තිබෙන අතර පසුව පොලිසියට රැගෙන යන මුවාවෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් ඔවුන්ගෙන් මුදල් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join