මෙරට පාසල් ශිෂ්‍යයෙකුගෙන් සුපිරි වාර්තාවක්.

Jaffna Sri Lanka India
By krishani May 29, 2023 05:22 AM GMT
Report

ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරම දක්වා පිහිනමින් නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලාංකික පාසල් සිසුවෙකු සමත් වී ඇත.

වයස අවුරුදු විස්සක පසුවන දේවේන්ද්‍රන් මදුෂිකන් පැය 14ක කාලයක් තුළ පොක් සමුද්‍රසන්ධිය හරහා කිලෝමීටර 30 ක දුරක් පිහිනා තිබෙනවා.

මෙම වාර්තාව තබා තිබුණේ ඊයේ(28) දිනයේ දි වන අතර ඔහු මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

මේ අතර ඔහු ජනාධිපති බාලදක්ෂකයෙකු වශයෙන් ද කටයුතු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join