බස් රථයකට ගල් ප්‍රහාරයක්..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 13, 2023 04:23 AM GMT
Report

බස් රථයකට එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකටයි.

මාරවිල පොලිසිය සඳහන් කළේ, ඊයේ (12) රාත්‍රියේ හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල - හොරගොල්ල ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය  එල්ල වී ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් හදුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now