ගැම්බියාවේ ළමයින් 70 දෙනෙකු මරු කැඳ වූ කැස්ස සිරප් ගැන මෙරට ඔසුසැල් හිමියන් කියන දේ..

Sri Lanka
By krishani Oct 21, 2022 03:03 AM GMT
Report

ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමයින් සියයකට අධික පිරිසකට මරු කැඳ වූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

ඖෂධ ලියාපදිංචියේ දී ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරන දැඩි නියාමනය හමුවේ ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර හිමිවන බව එම සංගමය පවසයි.