වෛද්‍ය විද්‍යාලයේ දක්ෂතම ශ්‍රී ලාංකීය සිසුවා අභිරහස් ලෙස ජීවිතක්ෂයට..!
                                    
                    Sri Lanka
                
                                                
                    Belarus
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    බෙලරූසයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිහාන් කුලරත්න යන විසිහතර වියේ පසු වූ තරුණයෙකි. බෙලරූසයේ ග්‍රොඩ්නෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.
පසුගිය 30 වනදා සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ ඔහුගේ කාමරයේ තිබී හමුවී ඇති බව වාර්තා වෙයි. මෙම සිසුවා පළමු වසර දෙවන වසර සහ තුන්වන වසරවල එම වෛද්‍ය විද්‍යාලයේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය හිමිකරගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි.
එරට පොලීසිය එම මරණය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |